happy young man with cup of tea

Time Blocking: ඔයාලගේ වෙලාව ලස්සනට හසුරවමු!

සුබ දවසක් හැමෝටම!

මම හිතනවා සාමාන්‍ය පෙළ, උසස් පෙළ, උසස් අධ්‍යාපන විභාග කරන දුවල පුතාල අපේ ලිපි කියවනවා ඇති කියල. එයාලට විතරක් නෙවෙයි ගොඩක් අයට තියන ගැටළුවක් තමයි තියන වැඩ ගොන්න ඉවර කර ගන්න දවස මදි වෙන එක. හැමදාම උදේම හිතනවා අද නම් වැඩ ගොඩක් ඉවර කරනවා කියල, හැබැයි දවස ඉවර වෙද්දී කරපු දෙයක් නෑ, ඉතිං  එතකොට stress එකත් වැඩියි හිතටත් අවුල්. මේක අපිට විතරක් නෙවෙයි ලෝකෙ පුරාම ඉන්න අයට තියන ගැටළුවක්. ඒ නිසාම විවිධ උපක්‍රම ගොඩක් අය try කරලා තියනවා මේ ගැටලුවෙන් එලියට එන්න.

අද මම ඔයාලට කියන්න යන්නේ ලෝකෙ ඉතාම ජනප්‍රිය, ලේසිම ලේසි දවසේ වැඩ සැලසුම් කරන ක්‍රමයක් ගැන, ඒ තමයි “Time Blocking” කියන්නේ. මේකෙන් ඔයාලට පුළුවන් දවස ටිකක් smart එකට plan කරගන්න, පාසල් වැඩ, පාඩම්, ක්‍රීඩා, යාළුවෝ එක්ක ගත කරන කාලය, social media, ටීවී බලන එක වගේ හැමදේම balance කරගන්න. තරුණ වයසේ ඉන්න අයට මේක perfect!

 

Time Blocking කියන්නේ මොකක්ද?

Time Blocking කියන්නේ ඔයාලගේ දවසේ වෙලාව ටික ටික කෑලි වලට බෙදලා, ඒ ඒ කෑල්ලකට එක එක වැඩක් දාගන්න එක. උදාහරණෙකට, උදේ 7-8 පාඩම් කරනවා, 8-9 ගිටාර් practice කරනවා, 9-10 breakfast එක එක්ක ටිකක් relax එකේ ඉන්නවා වගේ. ලොකු ලොකු goals දාගන්න ඕනේ නෑ, ඇඟට පතට නොදැනී පොඩි පොඩි වැඩ ටික ටික ඉවර කරගන්න එක තමයි මේකේ ලස්සන.

 

ඇයි Time Blocking කරන්න ඕනෑ?

මේකෙන් ඔයාලට ලැබෙන වාසි ගොඩක් තියෙනවා. ටිකක් බලමු:

  • හිත නිතර relax එකේ තියා ගන්න එක : එකපාරටම වැඩ ගොඩක් තියෙනකොට හිතට බරක් දැනෙනවා නේද? Time Blocking එක්ක ඔයාට එක වෙලාවකට එක දෙයක් ගැන විතරක් හිතන්න වෙනවා. එතකොට හිතට ලේසි වෙනවා.
  • වැඩ වේගෙන් ඉවර වෙනවා: එක දිගට පැය ගාණක් එකම දෙයක් කරනවට වඩා, මේකෙන් ඔයාට විවේක ගන්න වෙලාවත් හොයාගන්න පුළුවන්. ඒකෙන් වැඩ කරන එක fun වෙනවා.
  • “තව ටිකකින් කරන්නම්” එක අඩුයි: Procrastination (වැඩ කල්දැමීම) කියන්නේ ඔයාලටත් හොඳට තේරෙන දෙයක් නේ. Time Blocking එක්ක ඒකට ඉඩක් නෑ, මොකද ඔයාට වෙලාවක් fix වෙලා තියෙනවා.

 

Time Blocking කරන්නේ කොහොමද?

මේක ලේසියි, ඔයාලට මේ steps ටික උත්සාහ කරන්න:

  1. වැඩ ලිස්ට් එකක් හදාගන්න: පළවෙනිම, ඔයාට කරන්න තියෙන හැමදේම ලියාගන්න—පාඩම්, homework, phone එකේ games ගහන එක, නිදාගන්න එක හැමදේම.
  2. වෙලාව බෙදන්න: උදේ 6ට නැගිටලා රෑ 10ට නිදාගන්නවා නම්, ඒ වෙලාව ටික blocks වලට බෙදන්න. උදාහරණෙකට පැය 1-2ක කෑලි වලට.
  3. වැඩ assign කරන්න: උදේ 6-7 exercise, 7-8 ලෑස්ති වෙලා කෑම, 8-9 science පාඩම් වගේ. ටිකක් chill වෙන්න වෙලාවකුත් දාගන්න.
  4. Flexible වෙන්න: හැමදාම plan එක 100% follow කරන්න බෑ. ඒකට stress වෙන්න එපා, ඕනෑ වෙලාවක ටිකක් change කරගන්න.

 

Time Blocking එකට ගැළපෙන tools

 

ලෝකෙ පුරා ප්‍රසිද්ධ tools ටිකක් තියෙනවා මේක ලේසි කරගන්න:

  1. Google Calendar: Phone එකෙන් හරි laptop එකෙන් හරි, Google Calendar එකට ඔයාලගේ blocks ටික දාගන්න. Colours දාලා, reminders දාලා fun කරගන්න පුළුවන්.
  2. Trello: මේක app එකක්. ඔයාට cards හදලා, වැඩ ටික එක එක තැනට move කරලා track කරගන්න පුළුවන්.
  3. Notion: Teens ලා අතරේ ගොඩක් popular app එකක්. Plans, notes, reminders හැමදේම එක තැනක තියාගන්න ලේසියි. free version එක අපිට හොඳටම ඇති. පාවිච්චියට ගොඩක් වටිනා ඇප් එකක්. ඒ ගැන අපි වෙනම ලිපියකින් කතා කරමු.

 

Time Blocking එක්ක නිරෝගී වෙමු

Time Blocking කියන්නේ වැඩ ටික විතරක් නෙවෙයි, ඔයාලගේ ජීවිතේත් ලස්සනට ගෙනියන්න උදව් කරනවා. ඉතින් මේ ටිකත් plan එකට දාගන්න:

  • Exercise කරන්න (Exercise block එක) : දවසට විනාඩි 20-30ක් හරි ඇවිදින්න, නටන්න, බයික් එකක් පදින්න—හිතටත් ශරීරයටත් fresh ගතියක් එනවා.
  • හොඳට කන්න (Meal block එක): කෑම වෙලාවට පලතුරු, එළවළු, බිත්තර වගේ healthy stuff කන්න. Junk food වලින් ටිකක් ඈත් වෙන්න බලන්න.
  • නින්දට priority දෙන්න (sleeping blocks): රෑට පැය 7-8ක් නිදාගන්න. එතකොට මොළේටත් energy එක ගොඩක් එනවා.

Time Blocking කියන්නේ ලොකු දෙයක් නෙවෙයි, ඒත් ඔයාලගේ දවස ටිකක් organize කරලා, relax වෙලා ගත කරන්න පුළුවන් simple trick එකක්. මේක ගොඩක් වැදගත් වෙන්නේ ඉගෙන ගන්න වයසේ දරුවන්ට. ඔයාලා තරුණයි, ජීවිතේ ගොඩක් ලස්සන දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඉතින් මේක try කරලා බලන්න, ඔයාලගේ style එකට match කරගෙන, වැඩ ටික ලේසියෙන් ඉවර කරගන්න. Good luck, ජය වේවා!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *