happy student with pomodoro

Pomodoro Technique: ලේසියෙන් වැඩ ඉවර කරමු!

අද මන් ඔයාලට කියන්න යන්නේ ලෝකෙම ගොඩක් අය භාවිතා කරන, super cool trick එකක් ගැන, ඒ තමයි “Pomodoro Technique” කියන්නේ. ඔයාලටත් තියෙනවා නේද “පාඩම් කරන්න ඕනෑ, ඒත් හිතෙන්නෙම නෑ” වගේ moods? එහෙම වෙනකොට මේක try කරලා බලන්න. පාඩම්, ගෙදර වැඩ ලේසියෙන් ඉවර කරගන්න පුළුවන්. ඉගෙන ගන්න වයසේ ඉන්න අයට ගොඩක්ම මේක වැදගත් වෙයි කියල හිතනවා.

 

Pomodoro Technique කියන්නේ මොකක්ද?

Pomodoro Technique කියන්නේ ඉතාලි කෙනෙක් හොයාගත්ත ලස්සන ක්‍රමයක්. “Pomodoro” කියන්නේ ඉතාලි වචනයක්, ඒකෙන් කියන්නේ “තක්කාලි” කියලා. මේක හදපු කෙනා තක්කාලි හැඩයක් තියෙන timer එකක් යෝදාගෙන තමයි මේක පටන් අරන් තියෙන්නේ. සරලවම කිව්වොත්, ඔයා වැඩ කරන්නේ පොඩි පොඩි වෙලාවල් කිහිපයක, විනාඩි 25ක් වැඩ කරලා, විනාඩි 5ක් විවේකයක් ගන්නවා. එතකොට ඔයාගේ හිත මහන්සි වෙන්නෙත් නෑ, වැඩත් ඉවර වෙනවා.

 

ඇයි Pomodoro Technique භාවිතා කරන්න ඕනෑ?

මේකෙන් ඔයාලට ලැබෙන වාසි ගොඩක් තියෙනවා. ටිකක් බලමු:

  • හිත මහන්සි වෙන්නේ නෑ: එක දිගට පැය ගාණක් වැඩ කරනවට වඩා, මේකෙන් ඔයාට ලේසියෙන් focus කරන්න පුළුවන්.
  • වැඩ ඉක්මනට ඉවර වෙනවා: පොඩි වැඩ ටික ටික  කරනකොට, “තව ටිකකින් කරන්නම්” කියන එක (procrastination) අඩු වෙනවා.
  • Relax වෙන්නත් වෙලාව තියෙනවා: විනාඩි 5ක breaks ටික ගන්නකොට, හිතටත් ශරීරයටත් fresh ගතියක් එනවා.

 

Pomodoro Technique කරන්නේ කොහොමද?

මේක ලේසියි, ඔයාලට මේ steps ටික follow කරන්න:

  1. වැඩ එකක් තෝරගන්න: උදාහරණෙකට, “මන් ගණිතය පරිච්ඡේද 2 බලනවා” වගේ එක දෙයක් තෝරගන්න.
  2. Timer එක set කරන්න: Phone එකෙන් හරි clock එකකින් හරි විනාඩි 25කට timer එක දාගන්න.
  3. Focus වෙලා වැඩ කරන්න: ඒ විනාඩි 25 ඇතුළත ඒ වැඩේ විතරක් කරන්න. Phone එක scroll කරන්න හරි යාළුවෝ එක්ක චැට් කරන්න යන්න එපා!
  4. විනාඩි 5ක break එකක් ගන්න: Timer එක ගියාම, වැඩේ stop කරලා ටිකක් relax වෙන්න. ජනේලෙන් එළිය බලන්න, ගෙදර බල්ලව ටිකක් අතගාන්න, එහෙම නැත්නම් වතුර වීදුරුවක් බොන්න.
  5. හතර වතාවක් කරලා long break එකක් ගන්න: Pomodoro 4ක් (විනාඩි 25 x 4) ඉවර වුණාම, විනාඩි 15-30ක long break එකක් ගන්න.

 

Pomodoro ක්‍රමයට උදව් ගන්න පුළුවන් tools

ලෝකය පුරා ප්‍රචලිත පහත තියන tools ටිකක් එක්ක මේක තවත් ලේසි වෙනවා:

  1. Pomodoro Apps: “Focus To-Do” හරි “Forest” වගේ apps තියෙනවා. Forest එකේ නම් ඔයා focus වෙනකොට virtual ගහක් වවනවා, මේක ගොඩක් විනෝදවත් ඇප් එකක්.
  2. Timer එකක්: Phone එකේ timer එක හොඳට ඇති, නැත්නම් ලස්සන Pomodoro timer එකක් online හොයා ගන්නත් පුළුවන්.
  3. Notebook: ඔයා කරපු Pomodoros ටික ලියාගන්න, උදාහරණෙකට, “අද මම ගණිතයට 3ක්, ඉංග්‍රීසි වලට 2ක් කළා” වගේ.

 

Pomodoro එක්ක healthy වෙමු

Pomodoro Technique කියන්නේ වැඩ විතරක් නෙවෙයි, ඔයාලගේ ජීවිතේ balance කර ගන්නත් උදව් වෙනවා. මේ එහෙම උදාහරණ ටිකක්.

  • Breaks වලදි ඇවිදින්න: විනාඩි 5ක break එකේ ටිකක් stretch කරන්න හරි ගෙදර වටේ ඇවිදින්න—ශරීරයටත් හොඳයි.
  • වතුර බොන්න: එක Pomodoro එකක් ඉවර වෙනකොට වතුර ටිකක් බොන්න—hydration එක වැදගත්!
  • Relax වෙන්න: Long break එකේ ටිකක් music අහන්න හරි ඇස් පියාගෙන හුස්ම ගන්න—හිතට සැහැල්ලුයි.

Pomodoro Technique කියන්නේ ඔයාලගේ වැඩ ටික ලේසි කරන, ඒ වගේම හිතටත් relax ගතියක් දෙන simple ක්‍රමයක්. මේ ක්‍රමය පාසල් දරුවන්ට ගොඩක් වැදගත්, ඉගෙන ගන්න ඕනෑ ගොඩක් දේවල් තියෙනවා, ඒත් stress වෙන්න ඕනෑ නෑ. මේක ටිකක් try කරලා බලන්න, විනාඩි 25 ටික ටික යද්දි, ඔයාලටත් පුදුම වෙයි වැඩ කොච්චර ඉවර වෙනවද කියලා.

දරුවන්ට  විතරක් නෙවෙයි රාජකාරි වැඩ වලදිත් Pomodoro ක්‍රමය ගොඩක් සාර්ථකයි. දවස් ගණන් එකතැන නතර වෙලා තියන projects, ලිපිගොනු වාර්තා අපහසුවක් නැතුව ඉවර කර ගන්න පුළුවන්. ගෘහනියන්ට උනත් Pomodoro ක්‍රමය උදව් කරගෙන දවසේ වැඩ ටික ඉක්මනට ඉවර කරලා ඔයාල කැමති දේවල් කරන්න වෙලාව හදාගන්න පුළුවන්. එහෙම උඩ  කියල තියනවා වගේ අපේ නිරෝගී බව වැඩි කරගන්න යොදා ගන්න පුළුවන්. මම කියනවට පොඩ්ඩක් try කරලා බලන්න, අත්දැකීම ගැන comment එකකුත් දාන්න. Good luck, ජය වේවා!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *