odinery level exam student

සාමාන්‍ය පෙළ විභාගයට බය නැතුව ලෑස්ති වෙමු! තව දවස් 4යි.

කොහොමද ඔයාලට! ඔන්න තව දවස් හතරයි ඔයාලගේ O- Level විභාගේට. ගොඩක් අයට මේක ලොකු තීරණාත්මක මොහොතක්. ඒත් බය වෙන්න දෙයක් නෑ, මොකද මේක ජීවිතේ අන්තිම විභාගේ නෙවෙයි, ඔයාලට ඉස්සරහට යන්න තව ගොඩක් අවස්ථා තියෙනවා. ඒ වුණත්, මේ දවස් ටික ලස්සනට ගත කරලා, හොඳ විශ්වාසයකින් විභාගේට මූණ දෙන්න ලෑස්ති වෙන්න පුළුවන් නම් එක එකයි වැදගත්ම වෙන්නේ. මන් මේ ලියන්නේ ඔයාලට ලේසියෙන් කරන්න පුළුවන්, ලෝකෙම භාවිතා කරන ක්‍රම ටිකක් එක්ක, සැහැල්ලුවෙන් ටිකක් relax වෙලා ඉන්න විදියක්.

 

1. දවසට පැලැනක් හදාගන්න

ඔයාලට ඉතුරු වෙලා තියෙන්නේ දවස් 4යි. ඉතින් හැම දවසකටම කුඩා පැලැනක් හදාගන්න. ලොකු ලොකු ඉලක්ක දාන්න යන්න එපා. උදාහරණෙකට, “අද මන් ගණිතය පරිච්ඡේද 3ක් බලනවා, විද්‍යාව past paper එකක් කරනවා ” වගේ පොඩි ටාර්ගට් ටිකක් ලියාගන්න. මේකට ගොඩක් අය භාවිතා කරන “Time Blocking” ක්‍රමේ යෝදාගන්න පුළුවන්. ඒ කියන්නේ දවසේ ටිකක් වෙලාව බෙදලා, උදේ 9-10 ගණිතේ, 10-11 විවේකයක්, 11-12 ඉතිහාසේ වගේ. ඒත් එක බරපතල විදිහට හිතල stress වෙන්න එපා, මේ දවස් 4 සැහැල්ලුවෙන් වගේම ප්‍රයෝජනවත් විදිහට ගත කරන එකයි වැදගත්. මම “Time Blocking” ගැන සවිස්තරාත්මක ලිපියක් කලින් ලියල තියනවා එකත් කියවල බලන්න. – Time Blocking: ඔයාලගේ වෙලාව ලස්සනට හසුරවමු!

 

2. හිත relax කරගන්න

විභාගේ ගැන හිතනකොට හිතට ලොකු පීඩනයක් දැනෙනවා නේද? ඒකට ලෝකෙම භාවිතා කරන “Mindfulness” ක්‍රමේ ගොඩක් හොඳයි.

මේක ලේසියි. දවසට විනාඩි 5ක් ගන්න, ඇස් දෙක පියාගෙන, හුස්ම ගැන විතරක් හිතන්න. හුස්ම ඇතුළට යනවා, පිටට යනවා විතරක් හිතන්න. මේක ඔයාලගේ හිතේ බර ටිකක් අඩු කරලා, focus එක වැඩි කරනවා.

Phone එකෙන් “Smiling Mind” මේ සම්බන්ධ හොඳ app එකක්.

 

3. කන්න, බොන්න, නිදාගන්න

සමහර අම්මලා තාත්තලා කියනවා ඇති “පාඩම් කරන්න, නිදියන වෙලාව අඩු කරලා” කියලා. ඒත් ඒක වැරදියි! ඔයාලගේ මොළයට විවේකය අත්‍යවශ්‍යයි. පාඩම් කල ඒවා මොලයේ තැම්පත් වෙන්නත් ඒවා පහසුවෙන් මතක් වෙන්නත් නින්ද ගොඩක් වැදගත්. රෑට අඩුම ගානේ පැය 6-7ක් නිදාගන්න.

ඒවගේම හොඳට කන්න – පලතුරු, එළවළු, බිත්තර වගේ ටිකක් සමබර කෑම වේලක් healthy දේවල් ගොඩක් එක්ක. වතුර බෝතල් එකක් අතේ තියාගන්න, දවසට වතුර ලීටර් 2ක් වත් බොන්න අමතක කරන්න එපා.

මේ විදිහට ඔයාල නිරෝගිව හොඳ  fit එකේ හිටියොත් විභාගෙට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්.

 

4. පොඩි විවේක ගන්න

පැය 2-3ක් එක දිගට පාඩම් කරන්න යන්න එපා. “Pomodoro Technique” එක ගැන අහලා තියෙනවද? ලෝකේ පුර ගොඩක් අය භාවිතා කරනවා. විනාඩි 25ක් පාඩම් කරලා, විනාඩි 5ක් විවේකයක් ගන්න. මේ විවේකේට Phone එකේ ගේම් එකක් ගහන්න යන්න එපා, ඒකෙන් හිත තවත් මහන්සි වෙනවා. ඒ වෙනුවට ජනේලෙන් එළිය බලන්න, ගෙදර බල්ලව ටිකක් අතගාන්න, ගෙදරට එන කුරුල්ලෙක්ව හරි බලන් ඉන්න.

මම “Pomodoro Technique” ගැන සවිස්තරාත්මක ලිපියක් කලින් ලියල තියනවා එකත් කියවල බලන්න. – Pomodoro Technique: ලේසියෙන් වැඩ ඉවර කරමු!

 

5. ඔයාට පුළුවන් කියලා විශ්වාස කරන්න

විභාගේ ලියන්න යනකොට “මට බෑ” කියලා හිතන්න එපා. ඔයා මේ තරම් කල් ලෑස්ති වුණා, ඒක හොඳටෝම ඇති. “Positive Affirmations” කියන ලෝකප්‍රසිද්ධ  ක්‍රමේ යෝදාගන්න. උදේට කණ්ණාඩිය ඉස්සරහට ගිහින් “මට පුළුවන්, මන් හොඳට කරනවා” කියලා කියන්න. හිනාවෙන්නත් අමතක කරන්න එපා, මොකද හිනාවෙන එක ඔයාලගේ හිතට ලොකු හයියක්. ඒවගේම හොඳම සැහැල්ලු වීමේ ක්‍රමයක්.

“Positive Affirmations” ගැනත් සවිස්තරාත්මක ලිපියක් කලින් ලියල තියනවා කියවල බලන්න. – Positive Affirmations: අපිට පුළුවන් කියලා හිතට කියමු!

 

මේ දවස් 5 ඔයාලට ලස්සන මතකයක් වෙන්න ඕනෑ, බයෙන් ගෙවන කාලයක් නෙවෙයි. විභාගේ එක පඩිපෙළක් විතරයි, ජීවිතේ තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් relax වෙලා, හිත හයිය කරගෙන, ඔයාලගේ උපරිම උත්සාහය දෙන්න. ඔයාලට හදවතින්ම සුබ පැතනවා! O-Level එක ලස්සනට ඉවර කරලා, ඊළඟ පියවරට ලෑස්ති වෙන්න. ජය වේවා!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *