දනිස් බද්ධ කිරීම

දනිස් බද්ධ කරන එක ප්‍රමාද කරන එක කොච්චර නැනවත්ද ?

දනිස් වල ආතරයිටිස් තියන රෝගීන් ඉතාම බහුලව ඉන්නවා.

මෙම රෝගීන්ගෙන් කොටසකට අනිවාර්යයෙන් දනිස් බද්ධ කිරීමකට යන්න වෙනවා. බද්ධ නොකර ඉන්න තිබ්බ දනිස් පවා ඒ තත්වයකට යන්න ප්රධානම හේතු තමා වැරදි රෝග නිර්ණය, නිසි ප්රතිකාර නිසි කලට ලබා නොගැනීම, වැලදී ඇති ආතරයිටිස් රෝගයේ ස්වභාවය වැනි කාරණා බහුතරයක් දැනුවත් නොවුනාට දනිස්සට එන්න පුලුවන් ආතරයිටිස් වර්ග තියනවා නිට්ටාවට සුව කරන්න පුලුවන්, සමහර රෝගීන් නිට්ටාවට සුව නොවුනට දනිස්ස ඇද නොවී බේර ගන්න පුලුවන්, සමහර රෝගී හන්ඳි කොහොමත් බද්ධ කරන්නම වෙන ගාණට ඇද වෙනවා.

⛔ ගොඩක් ලෙඩ්ඩු අමාරුවෙ වැටෙන්නෙ හැම ලෙඩාටම ඇවිල්ල තියෙන්නේ primary osteoarthritis කියල හිතාගෙන බෙහෙත් කරන සුදුසුකම් නොලත් පුද්ගලයන් නිසා.

🔶 දනිස්ස බද්ධ කරන ගාණට ඇද වුනහම කිසිම බෙහෙතක් බීල හෝ දනිස්සට දෙන කිසිම injection එකකින් දනිස්සෙ ගෙවිච්ච කාටිලේජ සම්පූර්ණව හදාගන්න බෑ. දනිස්ස බද්ධ කරන්න යොමුවෙන්නෙ බොහෝ විට අවුරුදු හැට ඉක්මවා ගිය රෝගීන්. වයස ප්රධාන හේතුවක් වෙනවා දනිස්ස නොදා ප්රමාද කලහම එන ගැටලු වලට.

 දැන් බලමු දනිස්ස දාගන්න එක ප්රමාද කරගෙන යනකොට මොකද වෙන්නෙ කියල.

✅ බද්ධ කරන්න කියන්නෙ ඉතාම සැලකියයුතු ආකාරයට ගෙවී ගිය දනිස් සන්ධි.

✅ පලවෙනිම කාරණාව තමා සැත්කම එපා කිව්වට දනිස්ස තවත් ගෙවෙන එක නතර වෙන්නෙ නෑ.

🔺 අන්තිමට ඔත්පල වෙලා ඇඳට වැටෙනවා.

🔺 ජීවිතයේ අවසාන කාලයේ ඇදට වැටෙනවා කියන එක එම පුදගලයාට පමණක් නෙවේ, දරු මුණුපුරන්ට පවා බලපානවා.

🔺 මොකෝ වැසිකිලියට යන්න පවා වෙනත් කෙනෙක්ගේ උදව් ඕන වෙන තත්වයට ගියහම එක්කෝ ළඟම කෙනෙක්ට (බොහෝ විට දුව) රෝගියා බලාගන්න ගෙදර නතර වෙන්න වෙනවා (කර කර හිටපු රැකියාව අතඇරල පවා)

🔺 පවුලෙ ආර්ථිකයට කෙලින්ම ඕක බලපානවා

🔺 දෙවැන්න තමා ඇදවූ දනිස්සක් සමඟ ඇවිදගෙන යනකොට වැඩි වෙන බිම ඇද වැටීමේ අවදානම (Falls risk).

🔺 දනිස්ස බද්ධ කරන්න යොමුවෙන ලෙඩ්ඩුන්ගෙ වයසත් එක්ක එන අස්ථිවල හයිය අඩුවෙන osteoporosis රෝගය ඉතා බහුලව තියනවා.

🔺 බිම වැටුනොත් උකුල පවා කැඩෙන්න පවා පුලුවන්.

🔺 ඔබ නොදන්නවා වුනාට osteoporosis රෝගය නිසා උකුල කැඩෙන කාන්ථාවන්ගෙන් දල වශයෙන් තුන්දෙනෙක්ගෙන් එක් අයෙක් මාස 12ක් ඇතුලත මිය යනවා. සමහරු ජීවත් වෙලා සිටියත් සදාකාලිකව ඇඳට වැටෙනවා.

🔺 දනිස්ස බද්ධ කරගත් විට වැටෙන අවදානම අඩුවෙන නිසා උකුල, කොන්ඳ, අතේ අස්ථි කැඩෙන අවදානම අවම වෙනවා.

🔺 ඔය කාරණාව නිසා තමා දනිස්සේ සැලකියයුතු ලෙස ආතරයිටිස් තියන රෝගීන් අනිවාර්යයෙන් osteoporosis ලෙඩේ තියනවද කියල බලාගන්න ඕනේ

🔺 ඉහත සඳහන් කල ආකාරයකටම ලොකු සෞඛ්යය ගැටලුවක් සිදුනොවුනත් වයස යනකොට හැරමිටියක් හෝ වෝකර් එකක් නැතුව ඇවිදිගන්න පුලුවන් වෙන එක මානසිකව සහ ශාරීරිකව ඉතාම වැදගත් දෙයක්.

🔺 තමන්ගෙ දරු මුණුපුරන් සමඟ නිදහසේ විනෝද ගමනක් යන්න, එහෙම නැත්තම් පන්සලකට පල්ලිකට අනෙක් කෙනෙක්ගෙ උදව් නැතුව යාගන්න පුලුවන් කම තියෙන එක ඉතාම වැදගත්.

🔺 ඔබට වගකිවයුතු වැඩිහිටියෙක් නම් දනිස්සක් බද්ධ කරගන්න කිව්වොත් ඒකට ඔබට අවස්ථාව හම්බුවෙන මුල් අවස්ථාවෙම කරගන්න.

🔺 අරයට මෙයාට ඔපරේෂන් කරල එහෙම වුනා මෙහෙම වුනා, අරයට මෙයා කලා වගේ අරව ගාල මේව ගාල අඩුකරගන්නවා වගේ නිදහසේ කාරණ හොය හොය ඉන්න එපා.

🔺 අන්තිමට ඔබට දනිස්ස දැන් නම් දාගත්තනම් හොඳයි කියල හිතෙනකොට තවත් වයස ගිහින් මහලු වයසත් එක්ක එන වෙනත් සෞඛ්යය ගැටලු හින්ඳ සැත්කම කරගන්න බැරිවෙන්න පුලුවන්. නැත්තම් තමන්ගෙ නම පෙරැත්තු ලේකනයේ අවුරුදු ගාණකින් පිටිපස්සට ගිහිල්ල තියෙන්න පුලුවන්.

🔺 අන්තිමට කියන්න තියෙන්නේ ඔබ අමාරුවෙ වැටෙනකොට ඔබ විතරක් නෙවේ, ඔබට ආදරේ කරන හැමෝම අමාරුවෙ වැටෙන බව දැනගන්න.

✅ සිතන්න…….

Dr. Aruna Caldera
සන්ධි සහ සන්ධි ආශ්රිත රෝග විශේෂඥවයිද්
Consultant Rheumatologist
MBBS, MD, MRCP (UK), MRCP (Rheumatology)

~~~~~~~~~~

විශේෂඥ වෛද්‍ය අරුණ කල්දේරා  විසින් රචිත තවත් මෙවැනි වටිනා ලිපි කියවීමට හා කෙටි දැනුවත් කිරීම් ලබා ගැනීමට පහත ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.

https://www.facebook.com/profile.php?id=61569051929927

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *