චිකන්-ගුන්යා උණ

චිකන්-ගුන්යා උණ

🔘මේ දවස් වල අපට බහුලව හමුවන ලෙඩක් තමයි චිකන්-ගුන්යා උණ.
🔘ඩෙංගු රෝගයට සමාන රෝග ලක්ෂණ ඇති ඒත් හන්දි වෙදනාව දරැනුවටම ඇති ලෙඩක් තමයි චිකන්-ගුන්යා උණ.
🔘මෙය වැලඳෙන සමහර රෝගින්ට ඇවිද ගැනීමට අපහසු තරම් දරැනු හන්දී කැක්කුමක් සහ ඉදීමිමක් ඇති වෙනවා
🔘ඔබ සිටිනා ප්රදේශයේ මේ රෝගය පැතිරෙනවානම් අවධානම වැඩියි.
🔘මෙය රෝගී පුද්ගලයෙකුගෙන් නිරෝගී පුද්ගලයෙකු වෙත සම්ප්රේෂණය වන්නේ මදුරුවෙකුගේ මාර්ගයෙනි. චිකන් ගුන්යා පතුරු වන මදුරුවන් වන්නේ ඊඩිස් ඊජිප්ටයි, ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරුවන් විසිනි. මෙම මදුරුවන් වර්ග දෙක දක්නට ලැබෙන්නේ පෙරවරු 5- 10 සහ පස්වරු 3- 5 යන කාල සීමාව ඇතුළතය.
🔸 මදුරුවා ආසාදිත පුද්ගලයෙකුගෙන් රුධිරය බී තවත් පුද්ගලයෙක් දශ්ට කල විට පැතිරීම සිදු වෙනවා. මේ වෛරසය ශරීරයට ඇතුලුවී දින 3-7 ගියාට පස්සේ තමයි රෝගලක්ෂණ මතු වෙන්නේ.

⭕️ රෝග ලක්ෂන

🔴චිකන් ගුන්යා වැලඳුණ විට අධික උණ, හන්දිපත් ඉදිමුම, හන්දිපත් වේදනාව, සමේ පළු මතු වීම, දැඩි මහන්සිය, වමනය සහ ඔක්කාරය, අධික හිසරදය, ඇඟිලි පුරුක් වල හට ගන්නා වේදනාව වැනි රෝග ලක්ෂණ දක්නට ලැබේ.
🔴විශේෂයෙන්ම වළලූකර, මැණික් කටුව, දණහිස් ආදී ස්ථානවල මෙම වේදනාව සහ ඉදිමුම දැකගත හැකිය. මෙම රෝග ලක්ෂණ සියල්ලම හෝ කීපයක් පමණක් පෙන්නුම් කළ හැකිය. බොහෝ විට මෙම රෝග ලක්ෂණ ඩෙංගු රෝගයේදී ඇති වන රෝග ලක්ෂණ වලට සමානය.
🔘 උණ:
අධික උණ ප්රධාන ලක්ෂණයක්.
🔘සන්ධි වේදනාව:
▪️දැඩි සන්ධි ආශ්රිත වේදනාව Chikungunya වල ප්රධාන ලක්ෂණයක්.මෙහිදී සන්ධි කීපයක් ම රෝගයට ගොදුරුවීම සුලබයි.
▪️අත්වල කුඩා පුරුක්, මැනික් කටුව, වලලුකර සන්ධි සුලබව වේදනාවට සහ ඉදිමීමට ලක් වෙනවා. සමහර විට කකුල් වල පිටි පතුල් ඉදීමීම දක්නට ලැබේ
▪️ කොන්ද ආශ්රිත වේදනාව ඇතිවිය හැකියි.
▪️මේ රෝගයේ ස්වභාවය නම් සමහර රෝගීන්ගේ හන්දී වේදනාව ටික කලක් පැවතීමයි. සමහර අවස්ථා මෙම සන්ධි වේදනාව මාස 2/3 කට වඩා පවතිනවා.
🔘සමෙහි රතු පාට rash එකක් එන්න පුලුවන්, උණ වැලදි දින 3කට පසු මෙය ඇති විය හැක. සමහර රෝගින්ට පමණයි මෙ rash එන්නේ

⭕️ රෝග විනිශ්චය:

🔘FBC
▪️ ඩෙංගු රෝගය වගේම පට්ටිකා ( platelets) අඩුවීමක් දකින්න ලැබෙනවා. සාමන්යෙන් ඩෙංගු වල තරම් රුධිර පට්ටිකා පහලට වැටීම මේ රෝගයේ සුලබ නැහැ.
▪️ මෙම රෝගය ඩෙංගු රෝගයෙන් වෙන්කර හදුනා ගැනීම ප්රතිකාර කීරීම සඳහා ඉතා වැදගත්.
▪️ESR, CRP වැනි ටෙස්ට් වල වැඩිවීමක් දකින්න පුලුවන්.
🔘රෝගය නිවැරදිව තහවුරු කර ගැනීමට පලමු දින 5 -7 ත් ඇතුලත PCR පරික්ෂණය සහ Chikungunya antibodies ( ප්රතිදේහ) (දින 5-8 කට පසුව) සිදු කල හැක.

⭕️ප්රතිකාර

🔘 හැකිතාක් දියර වර්ග පානය කළ යුතුය.
🔘විවෙක ගත යුතුයි
🔘මෙය වෛරස් රෝගයක් නිසා ප්රතිජීවක ඖශධ ලබා දීමක් සිදුවෙන්නේ නෑ.
🔘ඩෙංගු රෝගය හා සමානකම් දක්වන නිසා ඩෙංගු වෙන්කර හදුනා ගන්නාතෙක් ibuprofen diclofinac, mefenamic acid , celocoxib වැනි වේදනානාශක සන්ධි වේදනාවට භාවිතා නොකල යුතුයි.වේදනාවට සහ උණට පැරසිටමෝල් භාවිතය යෝග්යයි.
🔘ඔබ උණ අඩු වු පසු සන්ධි වේදනාවට වේදනානාශක වෛද්යවරයා අවශ්යනම් ලබාදෙනු ඇති.
🔘 ඉහත බෙහෙත් වලටත් සන්ධි වේදනාව අඩු නොවේ නම් කෙටිකාලයකට ප්රෙඩ්නිසිලොන් වැනි ස්ටෙරොයිඩ කාණ්ඩයේ ඖශධ නියම කරන අවස්ථා ඇත.
~~~~~~~~~~

කායික රෝග විශේෂඥ වෛද්‍ය බන්දුල සත්කුමාර විසින් රචිත තවත් මෙවැනි වටිනා ලිපි කියවීමට හා කෙටි දැනුවත් කිරීම් ලබා ගැනීමට පහත ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.

https://www.facebook.com/profile.php?id=100091601123787

YouTube: https://www.youtube.com/@DrBandulaSathkumara

Leave a Comment

Your email address will not be published. Required fields are marked *