තාක්ෂණික දියුණුවත් එක්ක ලෝකයේ සෞඛ්‍ය හා වෛද්‍ය දැනුම වේගයෙන් යාවත්කාලීන වෙනවා. ඒ වගේම අපේ ජීවන රටාව වගේ කෑම බීම ඉතා වේගයෙන් වෙනස් වීම් වලට ලක් වෙනවා. මේ වගේ පසුබිමක නිවැරැදි අපිට ගැලපෙන සෞඛ්‍යය නිර්දේශ සොයා ගැනීම එක්තරා විදිහක අභියෝගයක්. සමාජජාල ආශ්‍රිතව විවිධ සංවාද හා සාකච්ඡා ගොඩනැගෙන නමුත් ඒ සංවාද හා සාකච්ඡා නැවත පරිශීලනය කිරීම පහසු නැහැ. ඒ වගේම ඒවා අවිධිමත් ලෙස පැතිරී තිබීම තවත් ගැටලුවක්.
මෙම හිඩැස් පිරවීමට ගන්නා උත්සාහයක් ලෙසයි මෙම මෙඩිවෝල් (Mediwall.lk) වෙබ් අඩවිය බිහි වන්නේ.
මේ ගමන් මග පටන් ගැනෙන්නේ දැනට අවුරුදු අටකට පමණ පෙර දුෂ්කර වෛද්‍ය ආයතන වල සේවයේ යෙදෙන වෛද්‍යවරුන් තම දැනුම හා අත්දැකීම් බෙදා ගැනීමටත් ගැටලු සහගත සායනික තත්ව සාකච්ඡා කිරීමටත් හැකි සාකච්ඡා සංසදයක් ලෙස. දැනටත් මෙම වෙබ් අඩවියේ දිගුවක් ලෙස MediWall Clinical Discussion Forum (මෙඩිවෝල් සායනික සාකච්ඡා සංසදය) ඔබට දකින්න පුලුවන්. නමුත් මෙම කොටස සඳහා පිවිසීමට හැකියාව ඇත්තේ වෛද්‍යවරුන් හා වෛද්‍ය සිසුන් සඳහා පමණයි.
නමුත් සියලු දෙනාට යහපත් සෞඛ්‍ය හුරු පුරුදු හා සෞඛ්‍යය තොරතුරු හුවමාරුව සඳහා MediWall General Discussion Forum (මෙඩිවෝල් සාමාන්‍ය සෞඛ්‍යය සාකච්ඡා සංසදය) කොටස අප විසින් සකසා තිබෙනවා.
මේ අකාරයට මෙම වෙබ් අඩවිය මගින් හැකිතාක් දුරට නවතම හා අපේ රටට / සමාජයට වඩාත් අදාල වෙන සෞඛ්‍යය/ වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු සාකච්ඡා කිරීමට වේදිකාවක් අප සකසා තිබෙනවා.
මෙහිදී වඩාත් අවධාරණය කල යුත්තක් වන්නේ රෝගී තත්ව සඳහා ප්‍රතිකාර හෝ ප්‍රතිකාර ක්‍රම මේ වෙබ් අඩවිය මගින් ලබා දෙනු නොලැබේ. එබැවින් ඔබට ඇති රෝගී තත්ව සඳහා සෑම විටම පිළිගත් වෛද්‍යවරයෙක් හමුව ප්‍රතිකාර ලබා ගන්න.
මෙම වෙබ් අඩවිය සෞඛ්‍ය අධ්‍යාපනය සඳහා සැකසුණු වේදිකාවක් වන බැවින් සෑම විටම මෙහි අදහස් දැක්වීමේදී පිළිගත් හා සනාථ කරන ලද සාක්ෂි පදනම් වූ තොරතුරු ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.
මේ හා සම්බන්ධ වන ඔබ සියලු දෙනා ඉතා ආදරයෙන් මෙඩිවෝල් වෙබ් අඩවිය වෙත පිළිගන්නා අතර ඔබගේ ගැටලු අදහස් හා යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න. (mediwall.lk@gmail.com)
ඔබ සැමට සතුට සපිරි නිරෝගීමත් දිවියක් ! 💚


Hi, this is a comment.
To get started with moderating, editing, and deleting comments, please visit the Comments screen in the dashboard.
Commenter avatars come from Gravatar.